Saturday, February 9, 2008

රතු බසය
හා මගේ හිත

නගරාන්තරයෙන්
කෙතෙක් දුර
පලා යන්නද
රතු බසය,
මගහැර
මගහැර
ගෙවී ගිය
දින ඇතිය...............

කවදාවත්
තල්ලු නොකරන
කොන්දොස්තරලා සිටින
හෝල්ට් දෙකතුනක දී වුව
සෙනෙහස ටිකක් දෙන
ඒ මිනිසුන්
මගහරිනු නොහැකිය..
එහිදී මුණගැසිය හැකි
වුවත්
බෝම්බයක්...........

හුස්ම ගන්නා
ටිකටත්
තොරතෝංචියක් නැති
ජාතිවාදි කතා
ගොහොරැවක් වුව
මිතුරනේ
ජීවිතේ දිගහැරෙන
ටික මොහොතේ දී
මරණයත් බෙදාගතහැකිය
මට.....................
රතු බසයේ දී
මුණගැහෙන
අපි
එක පන්තියේ
උන්
නොවෙ ද ?

2 comments:

thilina said...

I cant see this blog because of UNicode problem. Title your blog it makes ur blog searchable

thilina said...

ur blogs are great write frequantly