Saturday, February 9, 2008

රතු බසය
හා මගේ හිත

නගරාන්තරයෙන්
කෙතෙක් දුර
පලා යන්නද
රතු බසය,
මගහැර
මගහැර
ගෙවී ගිය
දින ඇතිය...............

කවදාවත්
තල්ලු නොකරන
කොන්දොස්තරලා සිටින
හෝල්ට් දෙකතුනක දී වුව
සෙනෙහස ටිකක් දෙන
ඒ මිනිසුන්
මගහරිනු නොහැකිය..
එහිදී මුණගැසිය හැකි
වුවත්
බෝම්බයක්...........

හුස්ම ගන්නා
ටිකටත්
තොරතෝංචියක් නැති
ජාතිවාදි කතා
ගොහොරැවක් වුව
මිතුරනේ
ජීවිතේ දිගහැරෙන
ටික මොහොතේ දී
මරණයත් බෙදාගතහැකිය
මට.....................
රතු බසයේ දී
මුණගැහෙන
අපි
එක පන්තියේ
උන්
නොවෙ ද ?

Friday, February 1, 2008













සුනිලා කී ‍‍‍ෙකලින් කතාව

ගැහැණුකම විකුණන,
චැනල් වල
ස්ත්‍රීවාෙදටත්
තැනක් අැත
ඒක මුල්ලක,

ෙන්ක ගැහැණුන් මවන
මඩ ගහන යන්ත්‍රර වල
සිර වු මන්ත්‍රර
ඒකම තැන
ෙහා්ද ෙහා්දා
ම ෙඩ් ඔබන
වාදෙය් දී
නුඹ
කියාදුන් ෙද්
නිවන් යන්නටත්
හොදොටෝම ඇති
අක්කේ

සඳක් නම්
ලංවී බලනු මැන

පෙෙනන ‍ෙදය
ෙනාෙව්මැයි
දැනෙනුයේ
දුබලකමට පිටුපා
කටු අැෙනන
ඝනදුෙර්
නුඹ ගිය ගමන්
බොහෝ දුර බව
හැඟුනා.....

දහවෙලහි
අදුර ද
අදුෙරහි
දහවලද
සඟවා අැති
ජීවිෙත් ලග,
ගැහැණුකම
ගැන

මායිම්
ෙසායා යති
ගිරවුන්,
වචන මතින්...

ඒබදු ෙද්ශයක දී

දිගක් පළලක්

අහි මි ස්ත්‍රී අාත්මයක

හිමිකාරියකි

නුඹ

ආදරේ හිතෙන .....